පිලිකා මර්දනය සඳහා ඖෂධ පවා නිපදවනු ලබන අසීමිත ගුණ ඇති Vinca Rosea (මිනී මල්) Periwinkle

පිලිකා මර්දනය සඳහා ඖෂධ පවා නිපදවනු ලබන අසීමිත ගුණ ඇති Vinca Rosea (මිනී මල්) Periwinkle

 

 

කාලයත් සමග අදවන විට මේ මල් සිටුවීමට පටන් ගත්තත් එහි ඇති ඖෂධීය ගුණයන් නම් ගොඩක් දෙනා නොදන්නවා වෙන්න පුලුවන්. මේ ගැන වැඩි දුර කියවන්න කැමති අය වෙනුවෙන්  Vinca Rosea (Catharanthus roseus) ගැන ඇති පර්යේෂණවල තොරතුරු, ලිපි බැලීමට මෙම ලිපිය අවසානය ඇති link භාවිතා කරන්න පුලුවනි. 

ඒ වගේම පිලිකා සෛලවලට වලට ප්‍රතික්‍රිය කිරීමේ ශක්තියක් මෙම පැලෑටියේ කොල සහ දඩු වල ඇති  බව දැනට හොයාගෙන තියනවා. දැනට  මැලේසියාවේ ජාතික පිලිකා කවුන්සිලයේ නිල ලාංඡනය වන්නෙත් මෙම Periwinkle මලයි. පිලිකා මර්දනය සඳහා භාවිතා කරන  vincristine හා  vinblastine ඖෂධ නිපදවනු ලබන්නේ ද Vinca යොදාගෙනයි. තවද  දියවැඩියාව සඳහා ඇති සාර්ථකම බෙහෙතක් ලෙස මෙය හඳුනාගෙන තියනවා. ඒ වගේම ගැස්ට්‍රයිටිස්, පාචනයටත්, නාසයෙන් ලේ ගැලීම පාලනයටත්, අධි රුධිර පීඩනයටත්  ඖෂධයක් ලෙස යොදා ගැනෙනවා.   

ලේ ගමනාගමනය වැඩි කිරීමේ හැකියාව විශේෂයෙන්ම මොලයේ ලේ ගමනාගමනය වැඩිකිරීම, සිතීමේ හැකියාව හා මතක ශක්තිය වැඩි කිරීම සහ එක් අරමුණක තබා ගැනීමට අපූර්ව ගුණයක් මෙය සතුවේ

ඊට අමතරව කැස්ස, උගුර බැරැන්ඩිය,සමේ රෝග,වලටත් විශේෂයෙන්ම කල් ගත්වූ තුවාල සුව කිරීමටත් ඉතා සුවිශේෂී ඖෂධීය ගුණයක් Vinca Rosea සතුවේ.   

ගර්භනි මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට , අඩු රුධිර පීඩනය, ශල්‍යකර්ම වලට ලක්වූ අයටත් මෙය ඖෂධයක් වශයෙන් ගැනීම සුදුසු වන්නෙ නැහැ. කෙසේ උවත් මේ බෙහෙත් පැලෑටි වල ගුණ දත් පමණින් භාවිතයට නොයා,  සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගෙ නිර්දේශයක් අනුව හෝ නිවැරදිව වට්ටෝරු දැන ගෙන  භාවිතයට ගැනීම ඉතාමත් සුදුසු බව සඳහන් කල යුතුමය.

Vinca_Rosea

Leave a Reply