මදුරු විකර්ශක ශාක වර්ග 05 ක්,  සීමිත ඉඩක වුවද සිටුවා ගත හැකි – ඩෙංගු උවදුර වලකමු

මදුරු විකර්ශක ශාක වර්ග 05 ක්, සීමිත ඉඩක වුවද සිටුවා ගත හැකි – ඩෙංගු උවදුර වලකමු

වෙනදා මෙන්ම ඩෙංගු උවදුර ගැන,ඩෙංගු මර්දනය, ඩෙංගු මර්දන බැක්ටීරියා, ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය,ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ, ඩෙංගු පිටුදැකීම, ආදිය ගැන කතාබහ වැඩියෙන් පැතිරෙන මේ කාලයේ. අද දෙසැම්බර් මස 10 වැනි දින දිවයින පත්තරයේ ලිපියක පාඨයක් මෙසේය. “ගෙවුණු මාස 11 ට කොළඹින් ඩෙංගු රෝගීහු 3882 ක් සොයා ගැනෙති – ඩෙංගු මරණ සංඛයාව 4”. අප පරිසරය පිරිසිදුව තබා ගැනීමට අමතර අපට මදුරු විකර්ශක ශාක නිවස තුල/ පිටත සිටුවීමෙන් යම් ආරක්ෂාවක් ලබා ගත හැකි නිසා, මදුරු විකර්ශක ශාක වර්ග පහක්  පර්යේෂණ වාර්තා ඇතුළුවද ඔබට ලිපියක් ඉදිරිපත් කිරීමට අපි සිතුවෙමු.

මෙහි දක්වා ඇති ශාක වර්ග මදුරුවන් පලවා හැරීමට ආසන්න ස්ථානයක හෝ වඩා ප්‍රතිඵලදායක් වනුයේ නිස්සාරණය කරගන්නා ඔයිල් වේ. සමහරක් පැල කොල පොඩිකර සුවඳ ලබා ගත යුතුය.

 

01. බේසිල් - Basil (Ocimum basilicum)

basil

ආහාර රසගන්වනයක් ලෙස යොදා ගන්නා මෙම පැලෑටිය ස්වාභාවිකව එහි සුවඳ පිට කරන බව සඳහන් වේ. එමනිසා කොල පොඩිකර හෝ වෙනත් ආකාරයෙන් සාදාගැනීමට මෙන්ම මදුරු කීටයන්ට ප්‍රතිරෝධ දක්වන බැසිල් වල ගන්ධය මදුරුවන් බිත්තර දමන ජලය රැදි ස්ථාන ආසන්නයේ තැබීම සුදුසුය. හොඳින් හිරු එලිය හා හොදින් ජලවහනය සිදුවන තෙත පසක් මනා වර්ධනය සඳහා  වුවමනා වේ.  සාමාන්‍යයෙන් උස අඩි 1 – 2 අතර උස යන බෙසිල් වෙනත් කෘමි සතුන්ටත් විකර්ශක වේ

02. සිට්‍රොනෙල්ලා - Citronella

citronella
  • මෙම පැලෑටිය බොහෝ විට  ඉටිපන්දම් හා මදුරු විකර්ශක වෙනත් නිෂ්පාදනයන් වල අඩංගු කරනු ලැබේ. සාමාන්‍යයෙන් අඩි 5 ක් හෝ 6 උසයන  Citronella ඉතා අවම නඩත්තුව නිසා ඉතා පහසුවෙන් සිටුවා ගත හැකි ශාකයක් ලෙස හැදින්විය හැක. හොදින් හිරු එලිය වැටිය යුතු සිට්‍රොනෙල්ලා වැඩි වශයෙන් ගොඩක්ම Oil ලෙස ප්‍රතිඵලදායක වේ. එසේම Citronella Oil දිලීර, බැක්ටීරියා ප්‍රතිරෝධයක් දක්වයි.
  • https://malariajournal.biomedcentral.com/articles/10.1186/1475-2875-7-152

03. පෙපර්මින්ට් - Pepermint

papermint

ඉතාම ඉක්මනින් වර්ධනය වන  පෙපර්මින්ට් ඔයිල් මදුරුවන් විකර්ශණය කිරීම පමණක් නොවේ. මදුරු දෂ්ටනයේ ඇති වන කැසීම වලටත් භාවිතා කල හැකිය. තෙත් සහිත පසක් අවශ්‍ය වන පෙපර්මින්ට් අඩි 1 සිට 3 දක්වා උස යන මදුරු කීටයන්ට විස සහිත වේ. හොදින් හිරු එලිය තෙත් පසක් අවශ්‍ය පෙපර්මින්ට් අඩි 1 සිට 3 දක්වා උසට වැඩේ. 

Bioefficacy of Mentha piperita essential oil against dengue fever mosquito Aedes aegypti L

https://www.sciencedirect.com/science/article/pii/S2221169111600014

 

04. Marigolds – දහස් පෙතියා

පොට් තුල වගා කර නිවසට මදුරුවන් වැඩි වශයෙන් ඇතුළු වන ස්ථාන වල තැබීමෙන් මදුරුවන් යම් පමණකට පාලනය කල හැකි බව සඳහන් වේ. මෙය bබොහෝ වශයෙන් එලවලු අතරත් වෙනම පාත්ති වශයෙනුත් සිටුවීමට අප පුරුදුව සිටි මල් පැලෑටියකි. New York Botanical Garden (NYBG) අනුව මදුරු විකර්ශනයට අමතරව අනිකුත් වගාවන්ට අහිතකර කෘමීන් පවා විකර්ශනය කිරීමේ හැකියාව මෙය සතුය .

http://libanswers.nybg.org/faq/223138

 

05. Catnip – කැට්නිප්

catnip

කැට්මින්ට් ලෙසද හදුන්වනු ලබන  මින්ට් පවුලටම අයත් පැලෑටියක් ලෙස සලකන මෙය වානිජ වශයෙන් මෙන්ම වල් පැලෑටියක් ලෙසද බොහො රටවල ව්‍යාප්තව පවතී. නඩත්තු කිරීම අවම මෙම අපූරු මදුරු විකර්ශක පැලෑටිය ගැන BBG එහෙමත් නැතිනම් Brooklyn Botanic Garden ද තහවුරු කර තිබේ. Iowa විශ්ව විද්‍යාලයේ කරන ලද පර්යේෂණයකට අනුව DEET (1946 ඇමරිකානු හමුදාව විසින් සොයාගන්න ලද කෘමි විකර්ශක ද්‍රවයක්)  වඩා දසගුණයකින්  මෙම ශාකය ප්‍රතිඵල දායක බවයි. මදුරුවන් පලවා හැරිය හැකි යයි සලකන ශාක වල ඉදිරියෙන්ම ඇති Catnip එසේම පූසන් මෙම පැලෑටිය අවට ගැවසීමට ප්‍රියතාවයක් දක්වන බවද වාර්තා වේ. වියලි හොදින් හිරු එලිය වැටෙන පරිසර තත්ත්වයක් යටතේ  අඩි 3 සිට 5 දක්වා උසට වර්ධනය වේ. 

Catnip Repels Mosquitoes More Effectively Than DEET

https://www.sciencedaily.com/releases/2001/08/010828075659.htm

Leave a Reply