අරුණලු පැළ තවානෙන් ඖෂධ පැල මිලදී ගත් පාරිභෝගිකයන්ගේ ඔසු උයන් වල ඡායාරූප එකතුව : Herbal Gardening in 2023 Sri Lanka (Updated)

Share

ඔසු උයන පිළිබඳ අදහස අලුත් එකක් නොවේ එය ඈත අතීතයට දිව යයි, වනගතව වැඩ විසූ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනයට එකල රජවරුන් පවා ඔසු උයන් ඇති කළ විශිෂ්ට ඉතිහාසයක් ලංකාවට තිබේ. නමුත් අපි ඖෂධ පැළෑටි අලෙවි කිරීම ආරම්භ කරන කාලයේ බොහෝ දෙනා විසිතුරු පැළ වර්ග සිටුවීමට නැඹුරු වී තිබූ අතර ඔසුපැළ සිටුවිමට කැමති අය රටපුරා විසිර සිටියත් ඒ සඳහා පැළ මීලදී ගැනීමට ප්‍රමාණවත් තරම් තැන් නොතිබිණි. 2010 දී අපි සුදු හඳුන් පැල නිෂ්පාදනයෙන් ඉතා සුළුවෙන් ආරම්භ කළ පැළ තවාන පසු කාලීනව දුර්ලභ හා වැඩි අවධානයක් නොදෙන ඖෂධ පැළ නිෂ්පාදනයට යොමු විය.

එසේ ආ ගමන් මගෙහි 2017 දී අපගේ Facebook පිටුව ආරම්භ කිරීමෙන් පසුව, කුරියර් මාර්ගයෙන් අප ඔසු පැළ යැවීම ආරම්භ කිරීමත් සමඟම වෙනත් බොහෝ ශාක වෙනුවට තම ගෙවත්තේ ඖෂධ පැළෑටි හෝ ඖෂධ පැළෑටි වගා කිරීමට කැමත්තක් දැක්වූ අය විශාල ප්‍රමාණයක් පැළ මිලදී ගත් අතර එහිදී  විසිතුරු මල්, සිංහල වෙදකම, ඔසු පැළ හඳුනාගනිමු වැනි ජනප්‍රිය Facebook Groups ඔසු පැල සිටුවීමට කැමති රටපුරා විසිර ඇති අය ආකර්ෂණය කර ගැනීමට අපට උපකාරී විය.

2019 අවසානයේ පටන් අපි  ඖෂධ පැළෑටි අලෙවි කිරීම සඳහා අපගේ වෙබ් අඩවිය භාවිතා කළ අතර දුර්ලභ ඖෂධ පැළෑටි මිලදී ගැනීමට සොයන අයට අවශ්‍ය දේ මිල දී ගැනීමට සහ වඩාත් සුදුසු පැළ දේ සොයා ගැනීමට එය උපකාරී විය. අප ආ ගමන් මගේ දී  අපට ලැබුණු  පාරිභෝගිකයින්ගෙ දිරිගැන්වීම් සහ අඛණ්ඩ සහයෝගය සාර්ථකත්වයට හේතු විය. විශේෂයෙන්ම බොහෝ පාරිභෝගිකයින්ගේ යෝජනා සහ අදහස් මත ඇසුරුම්කරණය සහ වෙබ් අඩවිය අද වනවිට යම් මට්ටමකට ගෙන ඒමට හැකිව තිබේ.

2024 වසරේ සිට තෝරාගත් ඖෂධ පැළ වර්ග තොග හා කලින් ලබා දෙන ඇණවුම් ලබා ගැනීම ආරම්භ කරන අතර ඒතුලින් මෙතෙක් කල් පැළ ඔසු පැළ මිල දී අය හා  වානිජව ඔසු වගා කිරීමට යොමුවන්නන්ට අපගේ උපකාර ඔබට ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙහිදී අපි 2023 වසරේ හා ඊට පෙර පැළ මිල දී ගත් අපගේ සුවිශේෂී පාරිභෝගිකයින්ගේ ගෙවතු  සහ මිලදී ගත් පසු ඔවුන්ගේ අදහස් සහ ඡායාරූප පෙන්වන්නෙමු. ඔබත් අපගේ පාරිභෝගිකයෙකු නම් , ඔබේ ඔසු උයනේ ඡායාරූප අප වෙත Whatsapp මාර්ගයෙන් එවිය හැකි අතර අප හැකි ඉක්මනින් ඔබේ විස්තර මෙයට එක් කරන්නෙමු .

 

 

 

 

 

Our Customers' Herb Gardens අපගේ පාරිභෝගිකයන්ගේ ඔසු උයන්

Mr.Nadeeka Perera from Nugegoda

නදීක මහත්මා දැනට වසර ගණනාවක සිට ඖෂධ පැළ මිලදී ගන්නා විශේෂයෙන්ම ඖෂධ පැළ සිටවීමට කැමැත්තක් දක්වයි. එතුමගේ නුගේගොඩ ගෙවත්තේ සෑහෙන තරම් අත්‍යවශ්‍ය ඖෂධ පැළ සිටුවා තිබෙන අතර සමහර පැළ ඉතා හොදින් වසර කිහිපයක් තුලදී වර්ධනය වී තිබේ. 2023 වසරේද නදික මහතා විසින් පැළ මිල දී ගෙන තිබූ අතර ඒවයෙහි ඡායාරූප කිහිපයක්ද මේහි එක්කර තිබේ.මෙහි ඇති සීනිද්ද ඖෂධය දැනට කාලයක පෙර මිලදී ගත්තත් එය දැකීමෙන් අප ඉතා සතුටට පත්වන්නෙමු.
avatar
Mr.Nadeeka Perea
A Hotelier

Photos From Mr.Nadeeka's Herbal Graden

His Thoughts About Us

Mr.Lahiru Gamege from Pannipitiya

නිතරම අපගෙන් ඖෂධ පැළ මිල දි ගන්න පන්නිපිටියෙන් ලහිරු මහත්මා නිතරම උත්සහ ගන්නේ බොහෝමයක් ඔසු පැල පෝච්චි වල සිටුවා තිබෙන අතර ආයුර්වේදය හදාරණ කෙනෙක් හැටියට එතුමන් ඔසු පැළ සිටුවීමටද ගන්නා උත්සාහය අපි ඉතා අගය කරන්නමු. අපත් සමග නිතරම ගස් වලට වැළදෙන ලෙඩ රෝග, සාදන ආකාරය ගැන සාකච්ඡා කරන ඔහුගේ ඔසු උයන තවත් සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
avatar
Mr.Lahiru
Ayurvedic Student

Photos From Mr.Lahiru's Herbal Graden

Ms.Ayodhaya Kalpage from Gothatuwa

2023 නොවැම්බර් මස කුරියර් මාර්ගයෙන් ඔසු පැළ ගෙන්වා ගත් ගොතටුව පදිංචි අයෝද්‍යා මහත්මිය එවා ඇති ඔසු පැළ වල ඡායාරූප දැකීමෙන් අපට හැඟී ගියේ ඇය ඉතා උනන්දුවෙන් හා පිළිවෙලට මෙය සිදුකර ඇති බවයි. අපි කල පොඩි ඉල්ලීමකින් ඉතා කාර්‍ය බහුල පරිසරයක් උවද ඉක්මනින් ඔසු ගෙවත්තේ ඡායාරූප එවීමට කටයුතු කිරීම ගැන අප නැවත වතාවක් ස්තුතිවන්ත වන්නෙමු.
avatar customer
Ms.Ayodhaya Kalpage

Photos From Ms.Ayodhaya's Herbal Graden

Mr. Dileep Gamage from Anuradhapura

2023 නොවැම්බර් මස කුරියර් මාර්ගයෙන් ඔසු පැළ ගෙන්වා ගත් අනුරාධපුර පදිංචි දිලීප මහතාගේ ඇණවුම ලැබුණු අවස්ථාවෙ සිටම ඉතා සුහදශීලි කටයුතු කල අතර අපගේ සේවාව ගැන අගය කිරීමක්ද එක්කිරීමට අමතක නොකලේය. අප කළ පොඩි ඉල්ලිමකින් ඡායාරූප එවීමට කටයුතු කල දිලීප් මහතාට ඉතා ස්තුතිවන්ත වන අතර ඉදිරියේදී හොද තත්වයේ පැළ ලබා දීමට අප බලාපොරොත්තු වන්නෙමු.
avatar
Mr.Dileep Gamage

Photos From Mr.Dileep's Herbal Graden

His Thoughts About Us

Mrs. Dammika Wijesinghe from Kandana

2022 නොවැම්බර් හා 2023 මැයි මස කුරියර් මාර්ගයෙන් ඔසු පැළ ගෙන්වා ගත් කඳාන පදිංචි ධම්මිකා මහත්මියගේ අපෙන් දැනට දීර්ඝ කාලයක සිට පැළ මිල දී ගන්නා අතර එතුමියගේ ඔසු පැළ ගෙවත්ත පුරා සිටවා ඡායාරූප දැකීමෙන් අපි ඉතා සතුටට පත් වුනෙමු. අප කළ පොඩි ඉල්ලිමකින් ඡායාරූප එවීමට කටයුතු කල එතුමියට ස්තුතිවන්ත වන අතර ඉදිරියේදීත් හොද තත්වයේ පැළ ලබා දීමට අප බලාපොරොත්තු වන්නෙමු
avatar customer
Mrs.Dammika Wijesinghe

Photos From Mrs.Dammika's Herbal Graden

Her Thoughts About Us

Ms. Sachinthya Attanayake from Nugegoda

2023 ඔක්තෝබර් මස කුරියර් මාර්ගයෙන් අශ්වගන්ධ පැළ (අමුක්කරා) ගෙන්වා ගත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන සචින්ත්‍යා මහත්මියගෙන් අප කළ පොඩි ඉල්ලිමකින් ඡායාරූප එවීමට කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වන අතර ඉදිරියේදීත් හොද තත්වයේ පැළ ලබා දීමට අප බලාපොරොත්තු වන්නෙමු
avatar customer
Ms.Sachinthya Attanayake

Photos From Ms. Sachinthya's Research Samples

Updating.....

About the Author

Nalaka

Hello, I'm Nalaka, a passionate blogger and entrepreneur, dedicated to the fascinating world of medicinal plants. Arunalu Plants, more than just a business; it's a manifestation of my love for nature.
LinkedIn profile

Leave a Reply

You may also like these

error: Content is protected !!