ඒකාවේරිය (සර්පගන්ධ) හා එහි ඖෂධීය ගුණ

Share
  • පොදු නාම : Indian Snakeroot, Insanity herb, sarpagandha, Devil Pepper, Serpentine wood,
  • බෙංගාලි : Chandra,
  • බුරුම : Bongmaiza,
  • චීන : She gen mu, Yin du luo fu mu, Yin du she gen mu, Yin du she mu,
  • ප්‍රංශ : Arbre aux serpents,
  • ජර්මන් : Indische Schlangenwurzel, Rauwolfie, Schlangenholz,
  • හින්දි : Candrabhaga, Chandrabhaga, Chota chand, Sarpagandha , Sarpgandha,
  • ජපන් : Indo shaboku, 
  • මැලේ : Akar tikus, Pule pandak, Pulai pandak,
  • සංස්කෘත : Chandrika, Chundrika, Patalguruda, Sarpagandha,
  • තෙලිඟු : Patalaguni, Patalagaruda, sarpagandha,

ඒකාවේරිය (Ekaweriya); සර්පගන්ධ (Sarpagandha); சர்ப்பகந்தா; Chevanamalpodi;

ඒකාවේරිය පැළෑටිය ගැන

ඒකාවේරිය නැතිනම් සර්පගන්ධ යන නම ලංකාව තුල නිතර ඇසෙන ඖෂධ නාමයක් ලෙස සැලකිය හැකියි.  ඒකාවේරිය ඖෂධ පැළෑටියට මෙතරම් වටිනා කමක් ලැබී ඇත්තේ එහි තිබෙන්නා ඖෂධීය භාවිතය නිසාවෙනි. ඒකාවේරිය ශාකයේ උද්භිද විද්‍යාත්මකව හදුන්වන්නේ  Rauvolfia serpentine (රවුල්ෆියා සර්පෙන්ටිනා) යනුවෙනි.

ඒකාවේරිය ලංකාවට පමණක් නොව ලොකයේ බොහෝ රටවල දක්නට ලැබෙන අතර අතීතයේදී රත්තරං නිස්සාරණය සඳහා ද යොදා ගත් බව සදහන් ය. එතරම් වටිනා මෙන්ම ඉහල ආර්ථික වටිනාකමක් පවතින ඒකාවේරිය ලංකාවේ වගාකිරීමට පියවර නොගැනීම  කනගාටුවට කරුණකි.

 

 

 

ඒකාවේරිය වල මාර්තු, මැයි, නොවැම්බර් මල් පොකුරු ලෙස හටගන්නා අතර සුදු හා ලා රෝස පාටක් ගනී. ඒකාවේරිය උස අඩි 2  වගේ උපරිමයකට වර්ධනය වන අතර පත‍්‍ර ලා කොළ පැහැ, පත්‍ර දිළිසෙන සිනිඳු මතුපිටක් තිබේ. බීජ ලා දුඹුරු පාටින් යුක්තයි. බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක ඇති බවත් සඳහන් කල යුතුය.ඒකාවේරිය ශාකයේ බෝවීම සිදුවනුයේ බීජ මගින් හා මුල් පැළ කර ගැනීමෙනි.

ඒකාවේරිය ආයුර්වේද/ වෙදකමේදී භාවිතය

ඒකාවේරිය මුල් වැඩි වශයෙන් වෙදකමදී භාවිතයට ගත්තත් සම්පූර්ණ ශාකයේම කොටස් (පංචාංගයම) විවිධ රෝගී තත්ව වලදී ප්‍රතිකාර සඳහා යොදා ගනී .

ආයුර්වේද වෙදකමේදී ඒකාවේරිය සර්පගන්ධාදී වටී, චන්දාර වටී, චන්දාර පැණිය, සර්පගන්ධාදී චූර්ණය, සෑදීමට භාවිත කරන අතර මෙය වෙදකමේදී වැඩි වශයෙන්ම අධි රුධිර පීඩනයට ඖෂධයක් ලෙස භාවිත කරයි. නමුත් වෛද්‍ය උපදෙස් නොමැතිව  අධි මාත්‍රාවෙන් ගැනීමෙන් ඉතා අවධානම් සහිත බව ඔබට මතක් කළ යුතුමය  

ඒකාවේරිය ඊට අමතරව  ප්‍රසව වේදනා, ආර්තව වේදනා සමනය කිරීමටද ද අතිසාරය,මැලේරියාව, කොලරාව, උණ, චර්ම රෝගමෙන්ම මානසික රෝග පණු රෝගය ඒකාවේරිය ඖෂධයක් ලෙස භාවිතා කරයි. වෙදැදුරන් ඒකාවේරිය විෂ වෙදකමේදි  සර්ප විෂ, මී විෂ, දිවි මකුළු විෂ, ගෝනුසු විෂ ආදී වූ සතුන්ගේ දෂ්ටනයන්හි දී භාවිතා කරන එක ප්‍රධාන ඖෂධයක් ලෙස සැලකිය හැක.

ඒකාවේරිය හා වල් ඒකාවේරිය

මෙයට අදාල වැඩිදුර විස්තර ඉදිරියේදී මෙම වෙබ් අඩවියට එකවෙන බව කරුණාවෙන් සලකන්න.

ඒකාවේරිය ගැන දැනට කර ඇති පර්යේෂණ ප්‍රතිඵල

මෙයට අදාල වැඩිදුර විස්තර ඉදිරියේදී මෙම වෙබ් අඩවියට එකවෙන බව කරුණාවෙන් සලකන්න.

ඒකාවේරිය භාවිතය

මෙයට අදාල වැඩිදුර විස්තර ඉදිරියේදී මෙම වෙබ් අඩවියට එකවෙන බව කරුණාවෙන් සලකන්න.

සබැඳි

දේශීය වෛද්‍ය ශබ්දකෝෂය : පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි  

About the Author

Nalaka

Hello, I'm Nalaka, a passionate blogger and entrepreneur, dedicated to the fascinating world of medicinal plants. Arunalu Plants, more than just a business; it's a manifestation of my love for nature.
LinkedIn profile

You may also like these

error: Content is protected !!